චූටි දුව

කව්ද කව්ද හැංගිලා

Posted on: December 17, 2008


දුව දැන් ටිකක් විතර උස ගිහිල්ල, අවුරුදු දෙකකට ලගයිනෙ කලින් ඇදපු ඇදුම් ටිකක් කොට වෙලා. කොහොම උස ගිහිල්ලද කියල පුදුමයි හරියට කෑම කන්නනෙත් නැතුව. අළුතෙන් ඇදුම් ටිකක් ගත්ත. උස ගානටම තියෙනව ඒත් දුව හිතන්නෙ ඇවිදිනකොට පෑගෙයි කියල ඒක නිසා අත් දෙකෙන් අල්ලගෙන තමයි ඇවිදින්න ගත්තෙ. එතකොට හරි ලස්සනයි. ඒත් කරදර නිසා දැන් අපි කකුල් උඩට නවල තමයි අන්දන්නෙ. දුවට දැන් හොදට කතාකරන්න පුළුවන් හැබැයි සමහර අකුරු කියවෙන්නෙ නෑ තවම හරියටම. දුව දැන් පොත්වල තියෙන ඒව මතකයෙන් කියනව. පොත්වල තියෙන කතා අපි කියල දුන්නට පස්සෙ ඒව මතකයෙන් කියන්න පුලුවන්. දුව මේ දස්වල වැඩියෙන්ම ආසම  කතා පොත තමයි “කවුද කවුද හැංගිලා” කියන පොත. හැබැයි කියන්නෙ “කවුඩ කවුඩ හැංගිලා” කියල. අපි පොතේ වැකියක මුල ටික කිව්වම දුව ඉතිරිය සම්පූර්ණ කරනව. ඒ කතාව මේ වගේ ” අද හරිම කළුවර දවසක්, වලස් පුංචා මිදුලට ආවා, කළුවරේ කහපාට ඇස් දෙකක් පේනවා, ……..” ඵ් පොතේ එක පිටුවක එක වැකියයි තියෙන්නෙ.  ඊට පස්සෙ අපි එයාව අගය කරාම එයාට හරි සතුටුයි, හොදට හිනාවෙලා සතුටු වෙනව තමන් කරපු හපන්කම අපි අගය කිරීම නිසා.

Advertisements

1 Response to "කව්ද කව්ද හැංගිලා"

අනේ මම මේ බ්ලොග් එක ‍ඔක්කොම කියෙව්වා.. මම පුංචි කාලේ මගේ අම්මයි තාත්තයිත් ඔහොම මගේ කෝලං වැඩ බලන් ඉන්න ඇති… ඇත්තටම දුවෙකුට ලස්සන තෑග්ගක් කවදා හරි දවසක.. ඔයාගේ දු පැටියටයි.. පවුලේ හැමෝටමයි ලස්සන අනාගතයක්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: