චූටි දුව

දුව ගැන නැවතත්

Posted on: July 15, 2009


දුව ගැන ලියන්න බැරිඋනා ගොඩක් කාලෙකින්, වැඩත් වැඩියි, කරදර ටිකකුත් තිබුන, ලියන්න තරම් හොද මානසිකත්වයක් තිබුනෙ නෑ. ඒකයි දුව ගැන ලියන්න පරක්කු උනේ. කිහිප දෙනෙක් මේ ගැන විමසලත් තිබුන ලියන්නෙ නැත්තෙ ඇයි කියල, මේක ඒ අයට පිළිතුරක් වේවි කියල හිතනව.

මේ දවස් වල දුවට සනීප නෑ ටිකක් විතර හෙම්බිරිස්සාව හැදිල ඉන්නෙ. හැදුනෙ කොහොමද කියල ඇහුවම නම් කියන්නෙ තාත්තගෙන් බෝඋනා කියල, මොකද මටත් හෙම්බිරිස්සාව හැදිල තියෙන්නෙ මේ දවස් වල. දුව දැන් ටිකක් ලොකුයි වයසින්නම්, හැබැයි බත් වගෙ කෑම කන්නෙ නැති නිසා ඇගෙන් නම් පොඩියි හොදටම, බත් කන්නෙ දවස් දෙකකට විතර පාරක් තමයි.

මේ දවස් වල පියන් වලින් කරන සෙල්ලම් තමයි දුව ගොඩක් කරන්නෙ, (මොකද එක එක පාට පියන් ගොඩක් හම්බ වෙලා තියෙන්නෙ) ඊට අමතරව බෝනික්කන් නලවන එකත් ජනප්‍රිය සෙල්ලමක් තමයි. මේකට ඉතින් අපිත් එකතු වෙන්න ඕන, බෝනික්කන් අරගෙන, ගොඩක් වෙලාවට ආච්චියි, සීයයි තමයි මේකට අහුවෙන්නෙ, පැයක් විතර ඉතින් එයත් එක්ක මේ සෙල්ලම් ඉවර වෙනකම්ම ඉන්න ඕන වෙන වැඩකට එහෙම යන්න බෑ.  එහෙම නැත්නම් සින්දු වලට එයත් එක්ක නටන්න ඕන, සමහර වෙලාවට දුව වඩාගෙන තමයි නටන්න ඕන, නටන විදියයි, සින්දුවයි ගැන අවසන් තීරණය දුවගෙ තමයි, අපට තියෙන්නෙ කරන්න විතරයි, මම හිතන්නෙ හැම ගෙදරම ඔහොම තමයි.

ඉතින් අදට ටිකකින් නවතින්නම්, මම දුව ගැන දිගටම ලියනව, මාත් එක්ක ඉන්න ඔබට ස්තුතියි..

Advertisements

4 Responses to "දුව ගැන නැවතත්"

අන්න හොදයි…! පුළුවන් හැම වෙලේම ලියන්න..!

මටත් ඔය ප්‍රශ්නෙමයි… වයසින්නම් ටිකක් ලෝකුයි. ඒත් ඇ‍ඟෙන් නම් ‍සෑහෙන්න පොඩී.. ඒකියන්නෙ කෙට්ටුයි. අම්ම කියන්නෙ මම බත් කන්නෙ නැති හින්දලු. බලන්න ඒකෙත් හැටි..

මමත් ඉස්සර බත් කාල නෑ, ඔයාට උන එකම තමයි අපේ දුවටත්, අම්මල කියන්නෙ මම බත් කෑවෙ නැති නිසා දුවත් කන්නෙ නෑලු, මොනව කරන්නද නේද

දු කීවෙ ඇත්ත වෙන්න පුලුවන්. ගෙදර ඉන්න පුංචි දූට හෙම්බිරිසාව බෝකරන්න ඇත්තේ තාත්තා තමයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: