චූටි දුව

සෙල්ලම් ගෙදර සහ කපටිකම

Posted on: December 9, 2009


දුව දැන් සෙල්ලම් ගෙවල් දානව උඩ ගෙදර ඉන්න දුවත් එක්ක එකතු වෙලා. මේකට උදව් කරන්න මම මේ දවස් වල පොඩි කූඩාරමක් හොයනව තාම හම්බ උනේ නෑ ගන්න, දන්න කවුරුහරි ඉන්නවනම් කියන්න, ලොකු උදව්වක්. මම දැකල තියෙනව ඉස්සර දවස් වල හැව්ලොක් පාක් හරියෙ පාර අයිනෙ තියාගෙන විකුණනව මේ දවස්වලනම් තිබුනෙ නෑ. මේ සෙල්ලමට බෝනික්කන් හතර පස් දෙනෙක් ඕන. මේ අයට නමුත් දාල තියෙන්නෙ ආච්චි එක්ක එකතු වෙලා, “පින්කි” “රෝසි” මේ අතරින් කීපදෙනෙක්. සෙල්ලමට වැටුනම කිසි දෙයක් මතක නෑ, හැබැයි බත් ටිකක් කවාගන්න පුළුවන් දෙන්නටම එකට කන්න දුන්නම. ඒත් ඉතින් දවල්ට කෑවොත් රෑට නෑ ඒ වගේ තමයි. දුවට දැන් අවුරුදු තුනකටත් ලගයිනෙ, කාලය ගෙවිල යනව තේරුනේ නෑ.

ලගදි දවසක් දුව රෑට බත් කෑවෙ නෑ, බත් එපා කියල බිස්කට් ඉල්ලුවා මම ක්‍රීම්ක්‍රැකර් එකක් දීල වඩාගත්ත, මම අහන්න හැදුවෙ දුවගෙන් ඇයි බත් කන්න කැමති නැත්තෙ කියල, දුවට මේක දැනගන්න ඇති, මම දුවට කිව්ව තාත්ත පොඩි වැඩක් අහන්න හදන්නෙලෞත්තරයක් දෙනවද කියල, දුව එකපාරටම අතේ තිබුන බිස්කට් කෑල්ල මගේ කටට දාල කියනව කටේ කෑම තියාගෙන කතාකරන්න හොදනෑලු, ඒක නිසා පස්සෙ අහන්න කියල ම්ගේ අතින් බැහැල අම්ම ලගට ගියා. මොනව කරන්නද මම දුවගෙ කපටිකමට අහුවෙලා පැත්තකට වෙලා හිටිය. හැම තාත්තලටම මෙහෙම වෙනව ඇති, මට විතරක් නෙමේ මම හිතන්නෙ.

Advertisements

5 Responses to "සෙල්ලම් ගෙදර සහ කපටිකම"

I bought a small tent from Zeppelin some time before.

Zeppelin Advertising Services (Pvt) Ltd.
65/9 Kirula Road,
Colombo 5.
Sri Lanka
(94) 11 2 368958, 11 2 507021

බොහොම ස්තුතියි, මම පරීක්ෂා කරල බලන්නම්

ළමයි අපිට වඩා කට්ටයි බං

[said]
දුව එකපාරටම අතේ තිබුන බිස්කට් කෑල්ල මගේ කටට දාල කියනව කටේ කෑම තියාගෙන කතාකරන්න හොදනෑලු,
[/said]
හෙහෙ, මාර ට්‍රික් එක!

පොඩි ළමයින්ට කෑම කවන්න තියෙන අමාරුව කියලා වැඩක් නෑ…

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: